Thursday, August 17, 2023

මළ කෙළියයි - ජූලි හතයි


 අපේ රටේ නම්  සෑම වසරකම දින දර්ශනයේ හත්වෙනි මාසයේ හත්වෙනිදා හෙවත් ජූලි 7 වෙනිදාට සුවිශේෂී යෙදුම් යෙදී තිබෙනවා. එම දිනය “ මළ කෙළියයි ජූලි හතයි “ ලෙස කියනවා පමණක් නොව සමස්ත ජූලි මාසයම “ මළ ජූලිය “ ක් ලෙසම හඳුන්වන්නට අප පසුබට වෙන්නේ නැහැ. කුමක් හෝ විපත්තිදායක සිදු වීමක් සිදුවූ වහාම මළ කෙළියක් ලෙස නම් කෙරෙයි. යමක් සිදු වන්නට ගොස් එය වැලැක්වී ගියත් “ මළ කෙළියක්  වෙන්න ගියේ ලෙසින් හඳුන්වනවා පමණක් නොව “ තව ඩිංගෙන් ජූලි හතයි “ ලෙසින් පවසන්නටත් අප මැලි නොවේ. කෙසේ වෙතත් ජූලි මාසයත් , ජූලි 7 ත් මෙතරම් සුවිශේෂී වන්නේ කුමන කරුණු නිසාදැයි සොයා බලමු.

 

කුමක කාලයක මෙම යෙදුම් ආරම්භ වූවාදැයි සොයාගැනීමට අපහසු වුවත් , උසාවි ක්‍රමය  ආරම්භයෙන් පසු මිනීමැරුමකට දඬුවම් නියම කිරීමේදී එම තීරණය ජූරි සභාවකින් තීරණය වීමත් , ජූරි සභාවකට සභිකයන් 7 දෙනෙකු ඇතුළත්ව තිබීමත් මෙම යෙදුම් වලට ආරම්භයක් සපයයි. ජූරියේ හත පසුව ජූරි හත වීමත් , ජූරි හත ජනවහරේදී ජූලි හත වීමත් සාධාරණ කර ගත හැක.

මළ කෙළියයි - ජූලි හතයි

  අපේ රටේ නම්   සෑම වසරකම දින දර්ශනයේ හත්වෙනි මාසයේ හත්වෙනිදා හෙවත් ජූලි 7 වෙනිදාට සුවිශේෂී යෙදුම් යෙදී තිබෙනවා. එම දිනය “ මළ කෙළියයි ජූලි හ...